Friday, August 30, 2024

ප්‍රචාරක රැළිවලදී පෙර සිදු නොවූ කරුණක් නිරීක්‍ෂකයින් හෙළි කරයි

 මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම මෙවර ජනාධිපතිවරණයේදී දැකගත හැකි පෙර සිදු නොවූ කරුණක් බව ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පවසනවා.

ඔහු පෙන්වා දුන්නේ වෙනදා දිස්ත්‍රික්ක තුළ පමණක් සිදුවූ ප්‍රචාරක රැළි සඳහා ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම මේ වන විට අන්තර් දිස්ත්‍රික් මට්ටම දක්වා වර්ධනය වී ඇති බවයි. 



Read more

test fille

 <script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js?client=ca-pub-6545916798706236"

     crossorigin="anonymous"></script>

Read more

Thursday, August 29, 2024

රංගේ ඉවත් කර තලතා එජාප මහලේකම් පුටුවට?

                      තලතා එජාප මහලේකම් පුටුවට?








එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා එජාප මහලේකම් ධුරයෙන් ඉවත් කර තිබේ. රංගෙ බණ්ඩාර මහතා එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට අදාළ ලිපියට පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29දා) අත්සන් තබා ඇති බව වාර්තා විය. එක්සත් ජාතික පක්ෂ නායකයා ලෙස ලැබුණු බලතල අනුව රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන ඇති අතර, පාලිත රංගෙ බණ්ඩාර මහතා මහ ලේකම් ධුරයට අදාළ රාජකාරි නිසියාකාරව සිදු නොකිරීම යන චෝදනාව මූලික කරගනිමින් පක්ෂ නායකත්වය විසින් අදාළ තීරණය ගෙන ඇති බව ද වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී පැවසුවේ ඒ සම්බන්ධව කිසිදු දැනුම් දීමක් තමාට සිදු කර නොමැති බවයි. තමන්ට යමක් පැවසීමට ඇත්නම් මාධ්‍ය හමුවක් කැඳවන බවත්, එතෙක් තමන්ට කරදර නොකරන ලෙසත් ඔහු ප්‍රකාශ කළේය.සමගි ජන බලවේගයෙන් ඉවත් වූ තලතා අතුකෝරල මහත්මිය එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයට පත් කරන ලෙස පක්ෂයේ බහුතර නිලධාරී පිරිසක් ඉල්ලීම් කර ඇති බව ද එම පක්ෂයේ දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වේ.කෙසේ වෙතත් මේ වන තෙක් තලතා අතුකෝරළ මහත්මිය එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගෙන නොමැති අතර, ඇය එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වන බවට ප්‍රකාශයක් ද සිදු කර නැත.
Read more

අලුත්ම සමීක්‍ෂණ වාර්තාව එයි.. සජිත්, අනුර පසුබෑමක.. රනිල් J හැඩැති සීඝ‍්‍ර වර්ධනයක.. නාමල්ද ඉදිරියට..

 ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති ආයතනය විසින් සිදු කරන ලද මත විමසුමේ නවතම වාර්තාව ඔවුන් විසින් එලි දක්වා තිබේ.

එම මත විමසුම අනුව පෙර මාසයන්ට වඩා අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්ගේ ජනප්‍රියතාවය මඳක් අඩු වී ඇත්ත් ඔවුන් දෙදෙනා තවදුරටත් ඉදිරියෙන්ම පසුවෙන්නේ කරට කර මට්ටමේ සිටිමිනි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සීඝ්‍ර වර්ධනයක් අත්පත් කරගෙන ඇති බව එම වාර්තාවේ පෙන්වයි.

මේ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 23%ක් දක්වා තම ප්‍රතිශතය වර්ධනය කරගෙන ඇති අතර අනුර දිසානායක මහතා 37%ක් ලබා මත විමසුමේ ඉදිරියෙන් සිටිද්දී සජිත් ප්‍රේමදාස මහතා ඔහු හා ආසන්නයෙන්ම රැඳී සිටින්නේ 36%ක් ගනිමිනි.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ද 4%ක් ලබාගෙන සිව්වන ස්ථානයට පත්ව සිටී.

අදාල සම්පුර්ණ සටහන 




 


Read more

Sunday, July 19, 2015

පක්ෂ 4කින් එන නළු නිළි ලයිස්තුව මෙන්න

 මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා මෙවරද නළු නිළි පිරිසත් තරග බිමට එක්ව සිටිනවා. ඒ අතරින් කිහිප දෙනකු ජාතික ලයිස්තුවටත් ඇතුලත් වනවා. මේ අතරින් සමාජ සේවා,සමාජ සුභසාධන හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය ධූරය දැරූ රන්ජන් රාමනායක මහතා ගම්පහ දිස්ත‍්‍රික්කයෙන්ද එජාපයේ කොළඹ ලයිස්තුවෙන් රෝසි සේනානායකද මහත්මියද ඇතුලත් වේ. ඇය විවාහක රූ රැජින වෙමින් දේශපාලන කේෂත්‍රයට පැමිණි තැනැත්තියක වන අතර රංගන ශිල්පිණියක වනවා. කොළඹට එජාපයෙන් තරඟ වදින උදාර රත්නායකද යොවුන් රංගන ශිල්පියතු වන අතර ඔහු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ බෙනට් රත්නායක මහතාගේ පුත‍්‍රයායි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවෙන් ඉදිරිපත් වන නිළි චරිත අතර උපේක්ෂා ස්වර්ණමාලි හා ගීතා කුමාරසිංහ ඇතුලත් වනවා. එසේම ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්  කළුතරට තරඟවදින රවීන්ද්‍ර යසස් කුමාරනායක හා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරන නලින් ප්‍රදීප් උඩුවෙල වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාවද ජයගත් රංගන ශිල්පීන් වේ. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් ද මෙවර මැතිවරණයට නළුවන් දෙදෙනෙකුගේ නම් ඉදිරිපත් කර ඇත. ඒ අතරින් ගාල්ල දිස්ත්‍රික්කය සදහා එක්කර තිබෙන ජ්‍යෙෂ්ඨ නාට්‍යකරුවෙකු හා රංගනවේදියකු වන චන්ද්‍රසෝම බිංදුහේවා මහතා මැතිවරණයට තරඟ කරනවා.ජාතික ලයිස්තුවට ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකු වන සරණපාල ජයසූරිය මහතාගේ නම ඇතුලත් අතර සන්ධානයේ ජාතික ලයිස්තුවට හිටපු අමාත්‍යවරයකු හා රංගන ශිල්පියෙකු වන ජීවන් කුමාරතුංග මහතාද ඇතුලත්.  මේ  හැර සන්ධානයෙන් තරඟ කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද රංගන ශිල්පියකු ලෙස කටයුතු කර තිබෙනවා.-

 C media
Read more

Friday, July 17, 2015

ප‍්‍රසිද්ධ ටෙලි නිළියක් ගණිකා නිවාසයකදී අත්අඩංගුවට..පොලිස් දුෂණ මර්ධණ කොට්ඨාශය විසින් සිදුකල වැටලීමකදී ඇතුල්කෝට්ටේ පිහිටි ගණිකා නිවාසයකදී ගණිකා වෘත්තියේ යෙදුණු ප‍්‍රසිද්ධ ටෙලි නාට්‍ය නිලියක් ඇතුළු කාන්තාවන් සිවු දෙනකු හා එහි කළමනාකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම පිරිස අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දෙලක්‍ෂයක ඇප මත නිදහස් කර ඇති අතර දඩ මුදල ගෙවා ගැනීමට නොහැකි වූ සැකකාරියන් දෙදෙනෙක් ප්‍රජා සේවයේ යොදවා ඇත.
Read more

Wednesday, December 17, 2014

අපි සූදානම් ඔබ සූදානම්ද?

Read more

Monday, December 8, 2014

අපි සූදානම්



Read more