latest articles

Monday, September 8, 2025

හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පෙත්සමක් විභාගයට අවසර

 දේශගුණ විපර්යාස වලින් ජනතාව පීඩාවට පත්වීම අවම කිරීම සඳහා විධිමත් වැඩපිළිවෙලක් සකස් නොකිරීම තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු ජනාධිපතිවරුන් වන ගෝඨාභය රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ ඇතුළු පාර්ශ්ව කිහිපයකට විරුද්ධව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා. එම පෙත්සම අද ජනක් ද සිල්වා, සෝභිත රාජකරුණා සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දේශගුණ විපර්යාසයන් සම්බන්ධයෙන් ඇතිවන තත්ත්වයන් නිරාකරණය කර ගැනීම සඳහා රජයන් විසින් නිසි වැඩ පිළිවෙල වල් ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් මහජනතාව දැඩි පීඩාවට පත්වන බව පෙන්වා දුන්නා. ජලගැලීම්, නියඟය, නාය යෑම්, ඇතුළු පාරිසරික විපර්යාසයන් නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවගේ ජීවන අහිමිවීම, වාසස්ථාන අහිමිවීම, රැකියා හිමිවීම ඇතුළු ව්‍යසනයන් රාශියකට මුහුණ දීමට සිදුවන බවත් ඔහු සඳහන් කළා. මෙවැනි දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට අවශ්‍ය කරන වැඩපිළිවෙළ වල් සකස් කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වීම නිසා මෙවැනි අවාසනාවන්ත තත්ත්වයන්ට මහජනතාවට මුහුණ දීමට සිදුවී ඇති බවත් ඔහු පෙන්වා දුන්නා. දේශගුණ විපර්යාසයන් හේතුවෙන් සිදුවන ව්‍යසනයන් වැළැක්වීම සඳහා රජය විසින් විවිධ ජාත්‍යන්තර සම්මුතින් වලට එලඹ තිබෙන බව පෙන්වා දෙන නීතිඥවරයා ඒ යටතේ දේශගුණ විපර්යාස වලින් සිදුවන ව්‍යසනයන් අවම කිරීම සඳහා විවිධ වැඩසටහන් රට තුළ ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටින බවත් ඔහු පෙන්වා දුන්නා. එහෙත් රජය විසින් ජාත්‍යන්තර සම්මුතීන් හරහා ඇති කරගෙන තිබෙන එකඟතාවන්ට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවත් නීතිඥවරයා චෝදනා කලා. මේ තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරයා අධිකරණය ඉල්ලා සිටියා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් ඒවා ගොනු කිරීමට වගඋත්තරකරුවන්ට කල් ලබා දුන්නා. ඉන් අනතුරුව පෙත්සම් විභාගය මාර්තු මස 13 වනදා පැවැත්වීමට ද විනිසුරු මඩුල්ල විසින් දින නියම කළා.  

Read more

Monday, February 24, 2025

නාමල් අත්අඩංගුවට

 











ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළැඹෙන 26 වැනිදා අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබේ.

්ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය පිලිබදව සිදු කරන පරීක්‍ෂණයකට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සටහන් පල වන්නේ එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

Read more

Monday, February 17, 2025

 <script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js?client=ca-pub-6545916798706236"

     crossorigin="anonymous"></script>

Read more

මෙම වසරේ සියයට 05ක ආර්ථික වර්ධන ඉලක්කයක් - ජනපති සිය මංගල අයවැය ඉදිරිපත් කරමින් කියයි

 













මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්අද පෙරවරු 10.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව පෙරවරු 10.34ට පමණ ජනාධිපතිවරයා සිය අයවැය කථාව ඉදිරිපත් කිරීම ආරම්භ කළා. 

සිය අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීම මෙවර අයවැයේ දර්ශනය වන බවයි

මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් වෙන්කර ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිී සහනධාරය ජූලි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


මෙම වසරේ සියයට 5ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සිය අයවැය කථාවේදී කියා සිටියේ. 

පවතින පාසල් පද්ධතියට සමාලෝචනය කර යළි ස්ථානගත කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
මෙම වසර තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර හෝ වාහන ලබාදීමට මුදල් වෙන්කර නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.
Read more

Monday, February 10, 2025

ඩෑන් ප්‍රියදාස් අත්අඩංගුවට

 සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියදාස් නැමැත්තා කටුනායක ගුවන්තොටුපළේදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අද උදෑසන 06.00ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදීයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිවරයාට 2024 වසරේදී බලපෑම් කිරීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවා. 

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.

Read more

Thursday, September 12, 2024

අලුත්ම සමීක්‍ෂණයෙන් සියල්ල පරදා රනිල් මුල් තැනට

 මෙරට ප්‍රකට සමීක්ෂණ ආයතනයක් විසින් සිදු කරන ලද සමීක්‍ෂණයකින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියටම පැමිණ ඇත.

ඔහු මේ වන විට හිමි කරගෙන සිටින ඡන්ද ප්‍රතිශතය 43.4%කි.

දෙවන ස්ථානයේ ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර දිසානායක මහතා පසු වන්නේ 29% ඉක්මවූ ප්‍රතිශතයක් ලබා ගනිමිනි.

සජිත් පේ‍්‍රමදාසා මහතා තුන්වන ස්ථානයේ පසුවන්නේ 26% ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගමනින් නැනිමිනි.

ඡන්ද විමසීමට ලක් වූ පුද්ගලයන් ප්‍රමාණය 13,000 ඉක්වමා ඇත.

මෙම ආයතන විසින් පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බවට ආසන්නතම පුරෝකතනයක් ඉදිරිපත් කර තිබින.


Read more

රනිල් දෙවන සැලසුමකට සූදානම් වෙයි

 



ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව සිය දෙවන සැලසුම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් වෙත පවසා ඇතැයි වාර්තා වනවා.

මේ අතර ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී ඇති අවසන් දින කිහිපය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිfමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැළිවලට එක් වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Read more

Sunday, September 1, 2024

‘මාව බේරාගන්න’ කියා හඬා වැටෙමින් නාමල් ප‍්‍රබල ඇමතියෙකුට අමතලා…

 පසුගිය අරගල සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හඬමින් තමන්ට දුරකථනයෙන් ඇමතූ බව ඇමති නිමල් සිරිපාද සිල්වා මහතා සඳහන් කරයි.




අරලියගහ මන්දිරය අරගලකරුවන් විසින් වැටලූ අවස්ථාවේ තමන් බේරාගන්නැයි ඉල්ලමින් නාමල් රාජපක්ෂ මහතා එසේ තමන්ට ඇමතූ බවත් ඒ සමගම හමුදාපතිවරයාටද අමතා ඇති බවත් ඇමතිවරයා පැවසීය.

එදා තත්වය අමතක කර අද නාමල් රාජපක්ෂ මහතා පුරසාරම් දොඩමින් ජනාධිපති ධුරයත් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියේය.

අද වන විට ජනතාව තම කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ වටා එකතු වී ඇතැයිද පැවසූ ඔහු දුෂ්කර අවස්ථාවේ ඉදිරියට පැමිණ තමන් රැක ගත් නායකයාට කෘතවේදීත්වය පුද කිරීමට ජනතාව පෙළ ගැසී සිටින බවද පැවසුවේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පැවති ජනාධිපතිවරණ ජනරැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කරන ලදී.

Read more

Saturday, August 31, 2024

මහ මැතිවරණයකදී SJB ඉදිරියෙන්.. කාටවත් බහුතරය නෑ.. අලුත්ම සමීක්‍ෂණය මෙන්න…

 ජූලි මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වුවේ නම් සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය අතර ඉතා තියුණු තරගයකින් පසු සමගි ජන බලවේගය ඉදිරියෙන් සිටින බව සමීක්‍ෂණ වාර්තාවකින් හෙලිව ඇත.


සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් නිකුත් කළ නවතම වාර්තාවේ සමගි ජන බලවේගයට සියයට තිස් හතරක් හා ජාතික ජන බලවේගයට සියයට තිස් දෙකක් ලෙස ප්‍රතිශතයන් වාර්තා කර ඇත.තුන්වන ස්ථානයේ පසුවන  ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සියයට දහ තුනක් ලබා ගනිද්දී එක්සත් ජාතික පක්ෂය ලබා ගෙන ඇත්තේ සියට හතකි
Read more

Friday, August 30, 2024

තද වැසි තත්වය ගැන කාලගුණයෙන් පැහැදිලි කිරීමක්

 බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.




බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක් තද වැසි ඇති විය හැකියි.

ඌව පළාතේ සහ අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.



මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී.40-50 පමණ තද සුළං බලාපොරොත්තු විය හැක.

මේ අතර, මෙට්. දෘශ්‍ය ලෙස දකුණට සාපේක්ෂ චලිතය හේතුවෙන් අගෝස්තු 28 සිට සැප්තැම්බර් 06 දක්වා කාලය තුළ සූර්යයා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව දෙපාර්තමේන්තුව පවසයි.




















අද (31) දහවල් 12.10 ට පමණ වවුනියාව, වන්නමෝඩෙයි, අනල්කඩ්ඩිමඩි සහ පෙරියපණ්ඩිරිච්චාන් යන ස්ථානවලට ඉහළින් හිරු මුදුන්ව පවතින ශ්‍රී ලංකාවේ ආසන්නතම ස්ථාන වේ.

එබැවින් ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සාමාන්‍ය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.
Read more

ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණවලින් පසු සියළු දර්ශක බිමට හැරේ.. කොළඹ කොටස් දැවැන්ත කඩා වැටීමක.. ආයෝජකයේ පොරකමින් විකුණති..

 කොළඹ කොටස් වෙළඳපල අඛන්ඩව අටවන දිනටත් අද දිනයේ පහළ යමක් පෙන්නුම් කළේය.

සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 38.91 කින්ද S&P SL200 දර්ශකය ඒකක 11.67 කින්ද අද දිනයේ පහළ ගොස් ඇත.

දිනයේ අවසානයේ දී සියලු කොටස් මිල දර්ශගය ඒකක 10,869.07ක් හා S&P SL200 දර්ශකය ඒකක 3,058.60ක් ලෙසත් දැක්වින.




ජනාධිපතිවරණය ආසන්න වද්දී ඇති වෙමින් තිබෙන ආවිනිශ්චිත ස්වභාවයන් මත කොටස් වෙළඳපොලේ බොහෝ ආයෝජකයන් සිය කොටස් වැඩි වශයෙන් විකුණා දැමීමට උනන්දු වීමත් සමඟ මෙම තත්ත්වය ඇති වී තිබේ.

ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනාම පාහේ ජධිපතිවරණයේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයන් එළිදැක්වීමෙන් පසු මෙම බරපතළ කඩා වැටීම කොළඹ කොටස් පලේ පෙන්නුම් කරයි.




Read more