Monday, February 24, 2025

නාමල් අත්අඩංගුවට

 











ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළැඹෙන 26 වැනිදා අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණෙන ලෙස දන්වා තිබේ.

්ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය පිලිබදව සිදු කරන පරීක්‍ෂණයකට අදාලව ප‍්‍රකාශයක් ලබා ගැනීමටයි.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සටහන් පල වන්නේ එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවයි.

Monday, February 17, 2025

 <script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js?client=ca-pub-6545916798706236"

     crossorigin="anonymous"></script>

මෙම වසරේ සියයට 05ක ආර්ථික වර්ධන ඉලක්කයක් - ජනපති සිය මංගල අයවැය ඉදිරිපත් කරමින් කියයි

 













මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්අද පෙරවරු 10.30ට කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව පෙරවරු 10.34ට පමණ ජනාධිපතිවරයා සිය අයවැය කථාව ඉදිරිපත් කිරීම ආරම්භ කළා. 

සිය අයවැය කථාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ ජනතාවගේ ආර්ථික අයිතිවාසිකම් තහවුරු කිරීම මෙවර අයවැයේ දර්ශනය වන බවයි

මෙවර අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4ක් වෙන්කර ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියා. 

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලිී සහනධාරය ජූලි මාසයේ සිට ලබාදීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.


මෙම වසරේ සියයට 5ක ආර්ථික වර්ධනයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සිය අයවැය කථාවේදී කියා සිටියේ. 

පවතින පාසල් පද්ධතියට සමාලෝචනය කර යළි ස්ථානගත කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් අයවැයෙන් වෙන් කිරීමට යෝජනා කර තිබෙනවා.
මෙම වසර තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර හෝ වාහන ලබාදීමට මුදල් වෙන්කර නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේ.

Monday, February 10, 2025

ඩෑන් ප්‍රියදාස් අත්අඩංගුවට

 සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියදාස් නැමැත්තා කටුනායක ගුවන්තොටුපළේදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ඒ, අද උදෑසන 06.00ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදීයි. 

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිවරයාට 2024 වසරේදී බලපෑම් කිරීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවා. 

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.