ඩෑන් ප්‍රියදාස් අත්අඩංගුවට
සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඩෑන් ප්‍රියදාස් නැමැත්තා කටුනායක ගුවන්තොටුපළේදී පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අද උදෑසන 06.00ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදීයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට නාන්ඒරිය පොලිස් ස්ථානාධිපතිවරයාට 2024 වසරේදී බලපෑම් කිරීමේ සිද්ධියකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවසුවා.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වෙත රැගෙන යාමට නියමිතව තිබෙනවා.